වර්ෂ 1960.12.01 දින උපත ලැබූ අසෝක විජයසේකර වන මා ගාල්ල වඳුරඹ ආසන්නයේ තලාව නම් වූ ගමෙහි ජිවත්වන අයෙකි. 

පාසල් අධ්‍යාපනය නිමා කරමින් වයස අවුරුදු 18 දී රුහුණු විශ්වවිද්‍යාලයට ඇතුලත්ව භූගෝල විද්‍යාව විෂය පිලිබඳ විශේෂ ශාස්ත්‍රවේදී ගෞරව උපාදියක් පන්ති සාමාර්ථයක් සහිතව දින ගත්තේ වර්ෂ 1983 දී ය. 

වර්ෂ 1985 දී දිගාමඩුල්ල පුරවරයේ කිවුලේගම මහා විද්‍යාලයට ගුරු පත්වීමක් ලද අතර ගුරුවරයෙකු වශයෙන් සිටින අතරතුරදීම ජාතික ශිෂ්‍ය බට බලකායේ දෙවන ලුතිනන් වරයෙකු ලෙස ශ්‍රී ලංකා යුධ හමුදාවේ පුහුණුව ලදිමි.   

දිගාමඩුල්ලේ වසර 4ක සේවයෙන් පසුව ගාල්ල දිස්ත්‍රික්කයටස්ථාන මාරුවක් ලබා පැමිණි මම වර්ෂ 1999 දී පවතී ගුරු උපදේශකවරු බඳවා ගැනීමේ තරඟ විභාගය සමත්ව ගාල්ල උඩුගම අධ්‍යාපන කලාපයේ මානව ශාස්ත්‍ර ගුරු උපදේශක ලෙස සේවය කළෙමි. 

ගුරු වෘත්තිය කරන අතරතුරදීම ජ්‍යෝතිෂ ශාස්ත්‍රය පිලිබඳ සහ සෙත්කවි රචනය පිලිබඳ අංග සම්පුර්ණ පාඨමාලාවක් හැදෑරු අතර අද දක්වාම එහි ප්‍රයෝජනය දෙශීය විදේශීය සියලු ශ්‍රී ලාංකිකයන්ට ලබා දෙමින් සිටී. 

වයස අවුරුදු 60 ක් සම්පුර්ණ වීම හේතු කොට ගෙන පුර වසර 35 ක අඛණ්ඩ ගුරු සේවය නිමාවට පත්කරමින් 2020.12.01 දින සිට මම විශ්‍රමිකයෙකු වෙමි.