රජයේ විභාග තුනක් පෝලිම් ගසී පවතී. ඒවානම් පස්වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය, අ.පො.ස. උසස් පෙළ සහ අ.පො.ස සාමාන්‍ය පෙළ යන විභාගයන්ය. මේ අතුරින් පස්වන ශ්‍රේණියේ විභාගය මවුවරුන්ගේ විභාගය වන අතර උසස්පෙළ වෙභාගය ටියුෂන් මස්ටර්ලගේ විභාගයයි. සාමාන්‍ය පෙළ විභාගය පාසල් ගුරුවරුන්ගේ විභාගයි. 
ශිෂ්‍යත්ව විභාගය අසමත් වුවහොත් දරුවාට ජනප්‍රිය පාසලක් නොලැබේ. උසස්පෙල සිසුන් වැඩි පිරිසක් අසමත් වුවහොත් ටියුෂන් මස්ටර්ලට වැලේ වැල් නැත. සාමාන්‍ය පෙළ සිසුන් වැඩි පිරිසක් අසමත් වුවහොහ් ගුරු මණ්ඩලයට කටඋත්තර නැත. 

ඉහතකී තත්වය හොදින් සැලකිල්ලට ගත්විට පැහැදිලිව පෙනෙන දෙයක් නම් විභාග ජයග්‍රහණය මත වඩාත්ම රඳා පවතිනුයේ දරුවන් නොව වැඩිහිටියන් බවය. විභාග සමත්වීම අනිවාර්ය දෙයක් බවට පත්වන පරිසරයක ඒ සඳහා විවිධ ක්‍රියාමාර්ග වෙත යාමට වැඩිහිටියන්ට සිදු වේ. 

විභාග වලට යන දරුවන්ට හොඳ තල්ලුවක් ලබාදුන් තරමට වැඩිහිටියන්ගේ බලාපොරොත්තු ඉටුවේ.එබැවින් දරුවන්ගේ විභාග සමත් කරවීම සඳහා වැඩිහිටියන්ට කරන්නට සිධදු වී  වැඩකොටස ඉමහත්ය.   

නිවසේ දෛනික පැවැත්ම යහපත් ලෙස පවත්වාගෙන යාම පළමුකොට  සිදු කර ගත යුත්තකි. රුපවාහිනිය සඳහා සුදුසු වාරණයක් පනව ගැනීම අත්‍යවශ්‍ය දෙයකි. ප්‍රවුර්ති හා අධ්‍යාපනික වැඩසටහන් පමණක් බැලීමට නිවාසේ සියලු දෙනාම එකඟතාවය පලකරගත යුතුය. ඒ හැරුණු විට නිවසේ අලුත්වැඩියා කටයුතු සිදුකිරීම, සංඝික දන සුදානම් කරගැනීම, මංගල උත්සව යොදාගැනීම විභාග අසන්න හය මාසය තුල සුදුසු නැත. 

දරුවන්ගේ විභාග ජයග්‍රහණ පාර්ථනා කරමින් දෙවියන්ට භාරවීම, පඬුරු ගැටගැසීම, සෙත්කවි ගයන කරමින් දරුවන්ගේ ග්‍රහ අපල අවම කර දෙන ලෙස දෙවියන්ගෙන් ඉල්ලා සිටීම,බෝධි පුජා සිදු කරමින් දෙවියන්ට පින් දීම බොහෝ දෙමාපියන් සිදුකරන දේවල් වන අතර ඒ ඔස්සේ අපේක්ෂා කරන්නේ දරුවන්ගේ ජයග්‍රහණයන්ය. 

සෙත් කවි ගයන කරනේ නම් විභාගය ඉතාම ආසන්න වන තුරු නොසිට කල්වේලා ඇතිව සෙත්කවි සාදාගෙන නිසි වතාවත් සහිතව පොහොය හත අටකදී ගයනා කරගැනීම ඉතා වැදගත්ය. නිසි ලෙස ගණ පිහිටුව, නිසි මාත්‍රා සුසංයෝගයක් සහිතව, දිව්‍ය අක්ෂර ඇසුරු කර ගනිමින් ලියා බල ගන්වන ලද සෙත්කවි දරුවාගේ විභාග ජයග්‍රහණයට ලබාදෙන ශක්තිය ඉමහත්ය.  දරුවට ග්‍රහ අපල තිබෙන බව ජන්ම පත්‍ර පරික්ෂයණයකින් හෙළි වී තිබේ නම් එම අපල දුරුවී සෙතක්, ශාන්තියක් ඇතිවී, නියත ජයග්‍රහණයකට මග පෑදෙන ආකාරයට සෙත්කවියක් හෝ දෙකක් රචනා කරගත යුතුය. ඒ සඳහා දෙමාපියන් උනන්දු විය යුතුය.  

සෙත්කවි ගායනයේදී විභාගයට යාමට සිටින දරුවා සම්බන්ධ කරගැනීමෙන් ඔහුට ලැබෙන චිත්ත ශක්තිය ඉතා විශාල වේ. දෙවියන්ගේ අනුහස්  පවතින ස්ථානයකදී සෙත්කවි ගයන කිරීමෙන් උපරිම ඵල නෙලා ගත හැකිය. බොධි පුජවන්ට  යාමේදීත් දරුවා කැඳවාගෙන යාම මගින් සහ  සක්‍රීය ලෙස දරුවාද බොධි පුජාවට සම්බන්ධ කර ගැනීමෙන් දරුවාගේ චිත්ත ශක්තිය උපරිම මට්ටමකට ගෙන අ හැකිය. දරුවට ග්‍රහ අපල තිබුණේ නම් බොධි පුජාවත් සමග එම අපල වැඩි කොටසක් ඉවත්ව යනු ඇත. එහි ප්‍රතිපලයක් ලෙස දරුවට නව පනක් ලද අයෙකු සේ කටයුතු කරන ආකාරය දෙමාපියන්ට ඉතා හොඳින් නිරීක්ෂය කළ හැකි වනු ඇත. 

බොධි පුජාවන් සිදු කිරීමෙන් පසු සෙත්කවි ගයන කිරීම සාමාන්‍ය සිරිත වේ. සෙත්කවි රචකයා ලබා දී ඇති මග පෙන්වීම අනුව සෙත්කවිය නිසි වර ගණන හා දින ගණන ගයන කිරීම අවශ්‍යම දෙයකි. බෝධි පුජ හා සෙත් කවි ගයන කිරීම යනු දෙකක් නොව ගසට පොත්ත මෙන් එකට බද්ධවී ඇති කරණා බව අප දැන සිටිය යුතුය. සෙනසුරු එරෂ්ටක අපලයක් විභාගයට යන දරුවට තිබේ නම් බෝධිපුජ, සෙත්කවි යනාදියට අමතරව යාචක ප්‍රජාවට ආහාරපාන, ඇදුම් අදිය ලබාදීමද, ගිතෙල මිශ්‍ර කිරිබත් සාද සෙනසුරාදා උදැසන කපුටන්ට අහර පිණිස ලබාදීම ඉතා ඵලදායි ප්‍රතිකර්ම වේ. 

නිති පන්සිල් සුරැකීමට දරුවා යොමු කිරිමද, නිවසේ ආගමික වටපිටාවක් දිව රාත්‍රී පවත්වාගෙන යාමද වැදගත්ය. උදේ  දවල් අහර සහිත බුද්ධ පුජවද, සන්ධ්‍ය යාමයේ ගිලන්පස සහිත බුද්ධ පුජවද තෙල් මල් සුවඳ දුම් සහිතව පුජ කිරමින් දරුවා සමග වතාවත්වල යෙදීමෙන් දරුවාගේ විභාග ජයග්‍රහණයට දැවැන්ත ශක්තියක් ලැබෙන බව අවධාරණය කරමි.