ගුණගරුක, ධාර්මික සෙත්කවි රචකයා විසින් ම ඉතා නිවැරදිව වචන උච්චාරණය කරමින් සෙත්කවිය ගයනා කරන්නේනම් ඉතා උසස් ප්‍රතිපලයක් ලබාගත හැකිය. සෙත්කවියේ බලමහිමය සෙත්කවිය රචනා කරන්නනාගේ බෝධිසත්ව ගුණය හා ගයන කරන්නාගේ නිවැරදි, පැහැදිලි, උච්චාරණය සමග යහපත් ලෙස බද්ද වී පවතී.
සෙත්කවි රචනා කිරීම බෝධිසත්ව ගුණෝපේත සත්පුරුෂයන් විසින් පමණක් සිදු කරනු ලබන ඇති පූජනීය මහෝත්තම කාර්යයකි. වස්කවිය මෙහි ප්‍රතිවිරුද්ධ සංකල්පය වන අතර එමගින් බලාපොරොත්තු වන්නේ කිසියම් අපරාද කරුවෙකුට දේව දඩුවමක් ඉල්ලා සිටීමයි. වසකවී රචකයන්ද සමාජයේ සිටින අතර ඔවුන්ද ශබ්ධ විද්‍යාව මනා ලෙස හසුරුවන්නට දනී.
සෙත්කවියකින් ඉල සිටිනු ලබන්නේ කිසියම් ව්‍යසනයකට පැමිණ සිටින අයෙකු එම ව්‍යසනයෙන් මුදා ගෙන සුගතියට පැමිණවීමයි.කිසියම් ග්‍රර අපලයක් හේතු කොට ගෙන යම්කිසි අයෙකු වෙනුවෙන් සෙත්කවිය ලියන්නේ නම් එකී අපලය දුරු කරන්නට සමත්කම් දක්වන දෙවි කෙනෙකු උදෙසා සෙත්කවිය ලිවිය යුතුය.
රවී අපලයට ඊශ්වර දෙවියන්ටද, කුජ අපලයට කතරගම දෙවියන්ටද, බුධ අපලයට විෂ්ණු දැඩිමුණ්ඩ දෙවිවරුන්ටද ගුරු අපලයට විෂ්ණු, බ්‍රහ්ම දෙවියන්ටද සිකුරු අපලයට පත්තිනි දෙවියන්න්ටද, රාහු අපලයට සුනියම් දෙවියන්ටද, කේතු අපලයට කතරගම දෙවියන්ටද ඉතා අමිහිරි අත්දැකීම් ලබාදෙන සෙනසුරු අපලයට හා එරෂ්ටක අපලවලට විෂ්ණු දෙවියන්ටද කන්නලවු කරමින් සෙත්කවි රචනා කල යුතුය.
ලෙඩදුක් සුවකර ගැනීමට, ග්‍රහ අපල දුරුකර ගැනීමට, වෙළද ව්‍යාපාර දියුණු කරගැනීමට, විභාග ජය ලබා දෙන ලෙස ඉල්ලා සිටීමට, ප්‍රමදවූ විවාහය ඉක්මන් කරගැනීමට, දරු සම්පත් ඉල්ලා සිටීමට සෙත්කවි රචනා කරවාගෙන ගයන කිරීම ශ්‍රී ලංකික සංස්කෘතියේ දකින්නට ලැබෙන සුවිශේෂී දෙයක් වන අතර සිංහල භාෂාව හැර වෙනත් කිසිදු භාෂාවකින් සෙත්කවි ලියවෙන්නේ ද නැත.
සෙත්කවි රචනා කිරීම හදිසියේ කදීමුඩියේ කල නොහැකි බව මෙහි ලා සඳහන් කර යුතුය. එබැවින් ඔබට සෙත්කවියක් දෙකක් රචනා කරවා ගැනිමක අවශ්‍යතාවක් තිබේනම් ඒ බව කල් ඇතිව සෙත්කවි රචකයාට දැනුම් දිය යුතුය. සෙත්කවියකින් සෙතක් ශාන්තියන් අපේක්ෂා කරන පුද්ගලයෙකුගේ නිවැරදි, පැහැදිලි කේන්ද්‍ර පිටපතක් සෙත්කවි රචකයට ලබාදීම අත්‍යවශ්‍ය වේ.සෙත්කවිය අවශ්‍ය පුද්ගලයාගේ සම්පුර්ණ නම, ඒ නමෙහි නිතර බවිතාවන කොටසද සෙත්කවි රචකයට දැනගන්නට සැලැස්විය යුතුය.
සෙත්කවි රචනා කිරීම මෙන්ම සෙත්කවි ගායනයද අවට ගියාට කල හැකි දෙයක් නවේ. සෙත්කවිය ගයන කල යුතු වර ගණන හා දින ගණන සෙත්කවි රචකයා විසින් පවසනු ලැබයි. සෙත්කවි රචනා කරනුයේ එකී වර ගණන සම්පුර්ණ කිරීමෙන් පසු ප්‍රතිපලය ලැබෙන පරිදිය.සිද්ධි, සාධ්‍ය, සුසිද්ධ වශයෙන් අක්ෂර තෝරාගනු ලබනුයේ සෙත්කවිය අවශ්‍ය අයගේ නිතර භාවිත කරන නමේ මුල් අකුරු හා ස්වර පාදක කරගෙනය. එමෙන්ම සෙත්කවිය ගයන කලයුතු වර ගණනද ඒ සමගම තීරණය කරේ. සෙත්කවි රචකයා ලබා දී ඇති මග පෙන්වීම් නිවැරදිව අනුගමනය කිරීම අත්‍යවශ්‍ය වේ. එවිට ඉතා ඉක්මනින් ඔබ බලාපොරොත්තු වූ ප්‍රතිපලය ලබා ගත හැකි වනු ඇත.
0 Comments