Call us on - 076- 682 73 25  or 071 - 140 54 64 

මේෂ 

රවී වෘශ්චික රාශිගතව බුධ සමග සිටී.රාහු දෙවැන්නේ සිටීම සැලකිල්ලට ගත යුතුය. කුජ දොළොස්වන්නේ සිටී. ගුරු මකර රශියේය. 

දුර බැහැර ප්‍රදේශයක මළ ගෙදරක යාමට මේෂ ලග්නය හිමි අයට මේ සතියේදී සිදු වේ. දුෂ්කර ගමනකි. තරුණ අයට සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවීම් ලැබේ. සාර්ථකත්වයක් අපේක්ෂා කළ හැකිය. පවුල් ජීවිත ගෙවන අයගේ නිවාස තුල මතභේද ඇතිවන අවස්ථා යෙදේ. කළකිරීමෙන් ගත වී යන සතියකි. 

වෘෂභ 

සිකුරු තුලා රාශිගතව සිටී. සෙනසුරු සිටින්නේ මකර රාශිගතව නව වැන්නේය. කුජ එකොළොස්වැන්නේ  මීන රාශිගතව සිටින ආකාරයද දැකිය හැකිය. 

තරුණ වයසේ යට ජල ක්‍රීඩා සඳහා අවස්ථාව හිමිවන සතියකි. තටාකයක හෝ වැවක. ප්‍රවේසම පළමුව යන සංකල්පය සිහි තබා ගත යුතුය. වෘෂභ ලග්නය හිමි අයට මේ සතියේදී මිතුරන්ගෙන් උදවු උපකාර හිමි වේ. ඒ ගැන සතුටක් ඇතිවේ.දුම්රියෙන් යා යුතු ගමනක් මේ සතියේදී යෙදේ. වියදම් වැඩිවේ. 

මිථුන 

ගුරු ග්‍රහයා මකර රාශිගතව සිටින බව පෙනේ. රාහු සිටින්නේ දොළොස්වැන්නේහිය. සිකුරු ග්‍රහයා  තුල රාශියේ සිටින බව පෙනේ. රවී වෘශ්චික රාශිගතව සිටී.

තමා භාවිතා කරන වාහනයේ අලුත්වැඩියාවක් මේ සතියේදී යෙදෙනු ඇත. ඒ වෙනුවෙන් තම කාලය හා ධනය වැය කරන්නට සිදු වේ.පදිංචි නිවසට  තව කොටසක් එකතු කිරීමට අදහසක් ඇතිවේ.  ඒ ගැන සැලසුම් හදයි. තම දරුවෙකුට කරදරයක් ඇතිවීමේ ඉඩකඩක්ද මිථුන ලග්න හිමි වැඩිහිටියන්ට පවතී. 

කටක 

රවී වෘශ්චික රාශිගතව පස් වැන්නේ සිටී. ඒ සමගම බුධ ග්‍රහයාද සිටිනු දැකිය හැකිය. රාහු එකොළොස්වැන්නේ සිටින බව පෙනේ. කුජ මින රාශියේය.

වෙනදාට වැඩ වැඩි කාලයක්‌ නිවසේ රැඳෙන්නට අවස්ථාව ලැබෙන සතියකි. මද විවේකයක් හිමිවේ. එහාට මෙහාට වැනෙන අදහස් ඇතිවේ. ඒ නිසාම පවුල තුල මතභේද පවා ඇතිවේ. සති අන්තයේදී කරදර කීපයකට මුහුණ දෙන්නට සිදු වේ. අනපේක්‍ෂිත ගැටුමක් ඇතිවිය හැකිය. 

සිංහ

බ්‍රහස්පති ග්‍රහය මකර රාශිගතව සිටින බව පෙනේ. සෙනසුරුද එසේම සිටී. රවී වෘශ්චික රාශිගතව සිටී.කිවි තුලා රාශිගතව තුන්වැන්නේ සිටී. 

කුමන හෝ කාරණයක් හේතු කොටගෙන රජයට දඩ මුදලක් ගෙවන්නට සිදු වේ. ඒ නිසාම විවිධ අපහසුතාවයන්ට මුහුණ දෙන්නටද සිදු වේ. සිංහ ලග්න හිමි අයගේ පවුලේ සාමාජිකයෙකු අසනීප වීමේ ඉඩකඩක්ද පවතී. සේවා ස්ථානයේ කටයුතු වෙනුවෙන් දැඩිව වෙහෙස වන්නට සිදුවන සතියකි

කන්‍යා 

සිකුරු ග්‍රහයා දෙවැන්නේ සිටී. බුධ වෘශ්චික රාශිගතව සිටී. කේතු තුන්වැන්නේය. සෙනසුරු සයවැන්නේ සිටින බවද පෙනී යයි. 

රියදුරු පුහුණුව සඳහා ලද කැඳවීමකට අනුව ඒ සඳහා යාමට සිදුවේ. සිතේ පීඩනයක් ඇතිවේ. මංගල උත්සවයක් සඳහා සහභාගී වන ලෙස ඇරයුමක් මේ සතිදීල් ලැබෙනු ඇත. සිත නොසන්සුන් වේ. නිවසේ ජල සම්පාදන ක්‍රමවේදය ආශ්‍රිතව යම් යම් ගැටලු ඇතිවන සතියකි. ඒ වෙනුවෙන් වෙහෙසෙන්නට සිදු වේ. 

තුලා 

අඟහරු ග්‍රහයා මීන රාශිගතව සයවැන්නෙහි සිටින ආකාරය දැකිය හැකිය. කේතු දෙවැන්නෙහි සිටී. බ්‍රහස්පති මකර රාශිගතව සිටී. 

හැකිතාක් සාධාරණ ආකාරයට තම වගකීම් ඉටු කරන්නට උත්සාහ ගන්න සතියකි. කෙසේ වුවද විවිධ ආකාරයෙන් දොස් අහන්නට සිදුවේ. ඇතැම් තුලා ලග්න හිමි අය කෙසේ හෝ සමාජයෙන් ගරු සැලකිලි ලබා ගන්න අවශ්‍ය මග පදාගනී. පවුල් ජිවිත ගෙවන අයට කිසියම් සැනසිල්ලක් ලැබෙන සතියකි. 

වෘශ්චික 

සිකුරු දොළොස්වැන්නේහිය. රාහු වෘෂභ රාශිගතව සිටී. කුජ මීනයහිය. රවී ලග්නගතව සිටීමද වෘශ්චික ලග්න හිමියන්ගේ සැලකිල්ලට ලක්විය යුතුය. 

ව්‍යාපාරික කටයුතු වෙනුවෙන් කැපවෙන සතියකි. වෙහෙසී වැඩ කරයි. සති අන්තය වනවිට ප්‍රයෝජන ලැබේ. වෘශ්චික ලග්නය හිමි අයගේ පදයේ අබාධයක් ඇතිවීමේ ඉඩකඩක් පවතී. ඒ ගැනදැඩි සැලකිල්ලක්  දැක්විය යුතුය. නිවසේ ප්‍රයෝජනය සඳහා වහනයක් මිලයට ගත හැකි වටපිටාවක් සැකසා  ගැනීමට ක්‍රමවේද අධ්‍යනය කරයි. 

ධනු

රාහු වෘෂභ රාශිගතව සයවැන්නෙහි සිටි. අඟහරු හතරේ මිණ රාශිගතව සිටී. රවී වෘශ්චික රාශිගතව සිටින අතර බුධ ග්‍රහයාද ඒ සමගම සිටින බව පෙනේ. 

තම  සමීපතම අය තමන්ගෙන් දුරස්වී යන බවක් හැඟී යයි. විවිධ කරුණු ඔස්සේ ඒ බව තහවුරු වේ. ධනු ලග්න හිමි අය තම සේවා ස්ථානයේ කටයුතු මේ සතියේදී යම් තරමකට අවුල් කරගනී. ඒ නිසාම මනස නොසන්සුන් වේ. දිගු කල්පනාවන්ට වැටේ. තරුණ වයසේ අයට විනෝද චාරිකා යන්නට ඇතිනම් හොඳ යැයි සිතෙන සතියකි. 

මකර 

කේතු වෘශ්චික රාශිගතව සිටී. බ්‍රහස්පති ග්‍රහයා පළමු වැන්නෙහි සිටී. රාහු වෘෂභ රශියේය. අඟහරු තුන් වැන්නේ සිටින ආකාරයද දැකිය හැකිය. 

නව නිවසක් ඉදි කරන්නට සිත සිටින අය ඊට අදාළ සැලසුම්කරුවෙකු සොයා යයි.තම අදහස අනුව සැලැස්ම ඉල්ලා සිටී. මකර ලග්නය හිමි අය මේ සතියේදී යම් යම් පරිත්‍යාග සිදු කරනු ඇත. ස්වභාවයෙන්ම ඒවා සිදු කරයි. ලිස්සා වැටීමකට මග පෑදෙන කරුණු ඇතිවිය හැකිය. ඒ පිළිබඳ සැලකිලිමත් විය යුතුය.

කුම්භ 

රවී දස වැන්නේ සිටීම සැලකිය යුතු කාරණයකි. කේතු වෘශ්චික රාශිගතව සිටී. සිකුරු නව වැන්නේ සිටින අතර කුජ දෙවැන්නෙහි සිටී. 

මුළුතැන්ගේ කටයුතු කරමින් සිටින අතරතුරේදී අනපේක්ෂිත අනතුරක් ඇතිවන්නට ඉඩක් පවතී.  ඒ පිලිබඳ දැඩි සැලකිල්ල යොමු කල යුතුය. විදේශයක පදිංචිව සිටින අයෙකුගෙන් දුරකථන ඇමතුමක් මේ සතියේදී ලැබෙනු ඇත. එය දීර්ඝ කාලයක් බල සිටි ඇමතුමක් වනු ඇත. කිසියම් උත්සව අවස්ථාවකට සහභාගී වන්නට මේ සතියේදී සිදු වේ. 

මින 

රාහු වෘෂභ රාශිගතව සිටී. කේතු වෘශ්චික රාශියේ සිටින්නේ බුධ සමගය. බ්‍රහස්පති ග්‍රහයා  එකොලොස්වැන්නේ සිටින බවද දැකිය හැකිය.

තම නිවසේ දියුණුවට අවශ්‍ය සැලසුම් සාදයි. අනවශ්‍ය වියදම් කපා හරින්නට සිතයි. නව වැඩපිළිවෙලක් කෙටුම්පත් කරයි. නව අදායම් මාර්ග පාදා ගැනීමට ක්‍රමවේද සාදයි.මින ලග්න හිමි අය මේ සතියේදී විහාරස්ථානයට සමීපව කටයුතු කරයි. ආගමික වතාවත් වලට යොමුවන ආකාරයද දැකිය හැකිය.