ලග්නාධිපති කුජ මින රාශිගතව සිටී. සිකුරු හතේ සිටින්නේ තුල රශිගතවය. සතිය ආරම්භයෙදී සඳු වෘෂභ රාශිගතව සිටි.
බැංකු ණයක් ලබාගැනීමට අදාලව කටයුතු සිදු කෙරෙන සතියකි. ඒ සඳහා තම කාලය කැප කරයි. පවුලේ සාමාජිකයෙකු අසනීප වීම හේතු කොට ගෙන රෝහල් ගත කරයි. මුදල් වංචාවකට හසුවීමේ අවධානමක් මේ සතියේ පවතී.
වෘෂභ
රාහු ලග්නගතව සිටින අතර කේතු හතේය. සිකුරු හය වැන්නේ සිටින අතර ගුරු මකර රාශි ගතව නව වැන්නේ සීටී.
බලපොරොත්තු නොවූ ලැබීම මේ සතියේදී ඇති වේ. ඒ නිසාම සිතට සතුටක් ඇති වේ. අධ්‍යාපනය ලබන වයසේ සිටින අයට සුදුසු පාඨමාලා සොයන සතියකි.ඔබ රියදුරෙකු නම් හදිසි අනතුරකින් අසීරුවෙන් බේරෙයි. අතපසුවූ වැඩ අවසන් කරන්නට හැකිවන සතියකි.
මිථුන
ලග්නාධිපති බුධ සය වැන්නේ සිටින්නේ රවී සහ කේතු සමගය. සෙනසුරු අටවන්නේ සිටීමද සැලකිල්ලටගත යුතු කාරණයකි. කුජ දසවන්නේ සිටී.
කොන්ත්‍රාත් වැඩ කරන අයට නව අවස්ථා ලැබෙන සතියකි. වෙනදට වඩා නිවසේ ගත කරන්නට අවස්ථාවද මිථුන ලග්න හිමියන්ට මේ සතියේදී හිමිවේ. වගකීම් බහුලව දරන්නට වන කරණා යෙදේ. ගෙවතු වගාවට යොමුවන ආකාරයද දැකිය හැකිය.
කටක
සෙනසුරු හතේය. මකර රශිගතාවය. ඒ සමග ගුරුද සිටිනු පෙනේ. සිකුරු සිව් වැන්නේ තුල රාශිගතව සිටී.
දුර ගමනක් යන්නට සිදුවන සතියකි. එය විඩාබර ගමනක් වේ. තරුණ වයසේ අය සටන් ක්‍රම ඇතුලත් පාඨමාලා හදාරන සතියකි.සමාජයේ දුර්වලතා දක්නට කටක හිමියන්ට මේ සතියේදී හැකි වේ. රැකියාව වෙනස් කරන්නට අදහසක් සිතට එයි.
සිංහ
ලග්නාදිපති රවී සිවූවැන්නේ බුධ සහ කේතු සමග සිටී. රාහු දසවැන්නේ සිටින ආකාරයද දැකිය හැකිය. කුජ අටවැන්නේ සිටීමද සැලකිල්ලට ගත යුතුය.
බොහෝ බලාපොරොත්තු ඉටුවන සතියකි. උසස්වීම් ලැබෙන ලකුණු පෙනෙන්නට ඇති බැවින් වෙනදට වඩා උනන්දුවෙන් රැකියාව කරයි. යම් යම් ක්‍රියාකාරකම් නිසා සමකාලීනයන් අතර කැපී පෙනෙන සතියකි. ස්ත්‍රී පාර්ශවයෙන් උදව ඉල්ලන්ට සිදුවන කරුණු යෙදේ.
කන්‍යා
කුජ හතේය. ලග්නදිපාති බුධ තුන්වැන්නේය. බුධ සමග රවි සහ කේතු සිටී. රාහු නවවැන්නේ සිටින ආකාරය දැකිය හැකිය.
නිවසේ පිංකම් කරන්නට සිතුවිලි ඇතිවන සතියකි. ඒ සඳහා හිතෙන් සැලසුම් හදයි. මැණික් පතල් වල නිරතව වැඩ කරන අයට කුමන හෝ මැණික් ලැබෙන්නට ඉඩකඩ තිබෙන සතියකි. සමාජය තුලදී වඩාත් නීතිගරුකව හැසිරීමේ වටිනාකම කන්‍යා ලග්න හිමියන්ට දැනෙන සතියකි.
තුල
ලග්නදිපති සිකුරු ලග්නගතව සිටීම විශේෂ ලක්ෂණයකි. සෙනසුර සිවුවැන්නේ ගුරු සමග සිටී. රාහු අටේ සිටීමද සැලකිල්ලට ගත යුතුය.
සම්මුඛ පරීක්ෂණයකට කැඳවීමක් ලැබෙන සතියකි. බොහෝ දුරට එහි සාර්ථකත්වයක් දකින්නට ලැබෙනු ඇත.මුහුදු රස්සාවේ යෙදෙන අයට වැසි ඇතිවන සතියකි. තුලා ලග්න හිමි අයට දු දරුවන් වෙනුවෙන් අමතර වෙහෙස මහන්සියක් දරන්නට සිදු වේ. ගෙවතු අලංකරණයට සිත යොමු වේ.
වෘශ්චික
රවී, බුධ, කේතු පළමුවැන්නෙහි සිටින බව දැකිය හැකිය. රාහු හතේ සිටීමද සැලකිල්ලට ගත යුතු කාරණයකි. කුජ පස්වැන්නේය.
අවිවේකි සතියක් ගෙවී යනු ඇත. තම වැඩ කටයුතු සඳහා අන් අයගේ සහයෝගය මදි බව වැටහී යයි. ගමන් බිමන් යාමේදී හා මගතොටදී යම් යම් කරදර හිරිහැර මේ සතියේදී ඇතිවිය හැකිය. සේවා ස්ථානයේ ගැටළුද ඇතිවීම සිතේ කනස්සලට හේතු විය හැකිය.
ධනු
ලග්නදිපති ගුරු මකර රාශිගතව දෙවැන්නෙහි සිටින්නේ සෙනසුරු සමගය. රවී, බුධ දොළොස්වන්නේ සිටිනේ කේතු සමගය. කුජ සිව්වැන්නේය.
මුදල් ප්‍රශ්න ඇතිවන සතියකි. අනපේක්ෂිත වැයවීම් දේ. අමතර අදායම් මාර්ග සාදා ගන්නට වෙහෙස වන්නට සිදුවන සතියකි. මායිම් අරවුලක් පැන නගින ආකාරයක් ධනු ලග්න හිමියන්ට අත්විදින්නට සිදු වේ.සති අන්තය වනවිට අසනිපා තත්වයක් ඇතිවීමේ යම් ඉඩකඩක් පවතී.
මකර
සෙනසුරු ලග්නගතව සිටින්නේ ගුරු සමගය. සිකුරු දසවැන්නේ සිටින අතර කුජ මින රාශිගතව තුන්වැන්නේ සිටි. රවී වෘශ්චික් රශියේය.
දරුවෙකුගේ ජයග්‍රහණය හේතුකොට ගෙන සතුටු විය හැකි සතියකි. පවුලේ අය සමග සතුට බෙදාගනී. සූදු ක්‍රීඩාවට සිත යොමුවන ආකාරයක් දක්නට ලැබේ. යම්කිසි උත්සවයක් පිලිබඳ සංවිධානය වීමක් මේ සතියේ සිදු වේ. කරන කටයුතු සාර්ථක වේ.
කුම්භ
කුජ මිණ රාශිගතව දෙවැන්නේ සිටී. ලග්නදිපති සෙනසුරු දොළොස්වන්නේය. රාහු හතරේ සිටින අතර කේතු දසවැන්නේ වෘශ්චික රාශිගතව සිටි.
තම කටයුතු සඳහා නව ප්‍රතිපත්ති සාදන සතියකි. ඒ සඳහා කාලය වැයකරයි. සේවා ස්ථානයේ යම් යම් පීඩාකාරී වතාවරණ ඇතිවිය හැකිය. තම පවුල සම්බන්ද නෑදෑයෙකු රෝහල් ගතව ප්‍රතිකාර ලබයි. ඒ අයට උදව් කරන්නටද සිදුවේ.
මින
කුජ ග්‍රහය ලග්නගතව සිටි. සිකුරු අටේය. රවී සහ බුධ නවවැන්නේ කේතු සමග සිටි. සෙනසුරු මකර රාශිගතව එකොලොස්වන්නේ සිටි.
සේවා ස්ථානයේ මෙතෙන් කල් පවතී යම් යම් ගැටළු නිරාකරණය කරගන්නට හැකිවන සතියකි. මින ලග්න හිමි අය මේ සතියේදී ලේඛන කලාවට යොමු වීමක්ද දක්නට ලැබේ. නිදහස් මනසක් ඇතිවේ. දේශපාලන සම්බන්ධතා අලුත්වන සතියකි. විවිධ අභියෝග ඇතිවේ. එහෙත් ඒවා සාර්ථකව මුහුණ දෙන්නට හැකියාව ලැබේ.
Direct Call to the author - 076- 682 73 25 or 071 - 140 54 64
0 Comments