ජන්මපත්‍රය, හඳහන, කේන්දරය යන වචන වලින් හදුන්වනු ලබන්නේ එකම දෙයකි.  එනම් කිසියම් අයෙකු මෙලොව එළියදුටු මොහොතේ සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහ වස්තුන් පිහිටි ස්ථානයන් සඳහන් කොට ඇති කේන්ද්‍ර කුණ්ඩලිය හා නවාංශක සටහන සමග ජ්‍යෝතිෂමය කරුණු සටහන් කොට ඇති පත්‍රිකාව හෙවත් තල්පතයි. අවම වශයෙන් වසර පහකට වරක්වත් මෙම මුලාශ්‍රය සුදුසුකම් ලත් ජ්‍යෝතිර්වෙදියෙකුට පෙන්වා ග්‍රහ හැසිරීම් හා එමගින් තමන්ට ඇතිවිය හැකි බලපෑම පරික්ෂා කරගැනීම අවශ්‍යය වේ. 

ජන්මපත්‍ර පරීක්ෂාවකින් බොහෝ දේවල් අනාවරණය කරගත හැකිය. එහෙත් භාර්යාව තරහ වූ හේතුව, විසා ප්‍රමාදවන කරණය, ත්‍රිරෝද රථයට හයර් අඩුවන හෙතුව, උසස්වීම් ලැබීමට බාදවන කරණා, නැතිවුනු හැඳුනුම්පත ආපසු ලැබේද දැනගැනීම වැනි කරන ජන්මපත්‍ර පරීක්ෂාවකින් දැනගත නොහැකිය. ජන්මපත්‍ර පරීක්ෂාවකින් දැනගත හැකි දේවල් මෙන්ම දැනගත නොහැකි දේවල් ද ඇත. 

සාමාන්‍ය ජන ජීවිතයේදී අපට තේරුම් ගත නොහැකි කරුණු පිළිබඳව අවබෝදයක් ජන්මපත්‍ර පරික්ෂවකින් ලබාගත හැකිය. පැහැදිලිව පෙනෙන්නට තිබෙන හේතුවක් නොමැතිව තම එදිනෙද කටයුතු අසාර්ථක වෙයි නම් වෙනදා නොතිබුණු පරිදි පිට පිට ලෙඩ දුක් ඇතිවෙයි නම් පැහැදිලි හේතුවක් නොමැතිව ගෘහ ජිවිතයේ අවුල් සහගත තත්වයන් ඇතිවන්නේ නම්, සාධාරණ පැහැදිලි හේතුවක් නොමැතිව තම සේවා ස්ථානයේ හෝ සමාජයේ නින්දා  ගැරහුම් ඇති වෙයි නම්, බොහෝදෙනා ඒ පිලිබඳ දැනගැනීමට ජන්මපත්‍ර පරික්ෂාවට යොමු වෙයි. මෙය බොහෝ ඵලදායි පියවරකි. හමුවන ජ්‍යෝතිර්වේදියා සතුව තර්කානුකුල ජ්‍යෝතිෂ්‍ය දැනුම මෙන්ම විශ්ල්ෂානාත්මක හැකියාව, කරුණු පැහැදිලිව සටහන් කොට දිමට ඇති හැකියාව යන කාරණා මත ඔබට ලබාගත හැකි තොරතුරු අඩු වැඩි වේ. 

බොහෝ ජ්‍ය්යෝතිර්වේදීහු තම අතට ගත ජන්මපත්‍රය දෙස බල යම් යම් තොරතුරු සමුදයාන් සිය සේවාදායකයට ප්‍රකාශ කරති. එම ප්‍රකාශිත තොරතුරු කඩදාසියක සටහන් කර දෙන සිරිත බොහෝ අඩුය. ඇතැම් ජ්‍යෝතිර්වේදීන් සියලු තොරතුරු දිනවකවානු සහිතව ලිකිතව ලබා දෙති. එය ඉතා අගන ක්‍රියා මාර්ගයකි. අනාගතය පිළිබඳ නිවැරදි පුරෝකතනයන්ද, එරෂ්ටක අපල ලබන හා  ගෙවී යන දින වකවානු නිවැරදිව ඇස්තමේන්තු කොට ලබා දීම, සියලු අපල උපද්‍රව සඳහා සුදුසු පිළිවෙත් නිර්දේශ කිරීමද ලිඛිතවම ලබාදෙන ජ්‍යෝතිර්වේදියා සාමාන්‍ය ජනතාව අතර සම්භාවනාවට ලක්වන අයෙකි. 

ලිඛිතව ලබාදෙන තොරතුරු ඉදිරියේදී වරින් වර කියවා බලා අවශ්‍ය පරිදි කටයුතු සම්පාදනය කරගැනීමට ඕනෑම කෙනෙකුට හැකියාව  පවතී. එයා ඉතා ප්‍රයෝජනවත්ය. ජන්මපත්‍රය දෙස බලමින් වචිකව තොරතුරු ලබාදෙන ජ්‍යෝතිර්වෙදියට වැඩ ලිඛිතව ක්‍රමානුකුලව, පිළිවෙලකට තොරතුරු ලබාදෙන ජ්‍යෝතිර්වේදියා කෙරෙහි තැබිය හැකි විශ්වාසයද ඉතා ඉහලය. 

ජන්මපත්‍රයක අංගසම්පුර්ණ විශ්ලේෂණයක් සිදු කොට, ගණනය කිරීමේදී ඇතුලත් කොට සවිස්තර ලිඛිත වාර්තාවක් ලබාදීමට ගතවන කාලය පැය දෙකකට අදිකය. එබැවින් ඔබේ ජන්ම පත්‍රය වහාම පරික්ෂා කොට බලා තොරතුරු ලබාදෙන ලෙස ඉල්ලීම සාදාරන නැත. නිවැරදි තොරතුරු ලබා ගැනීමටද එය බාදාවකි. එනිසා ප්‍රමාණවත් කාලයක් ලබා ගෙන ජන්මපත්‍ර විශ්ලේෂණයක යෙදෙන්නට ජ්‍යෝතිර්වෙදියට අවස්ථාව ලබා දීම වැඩ සුදුසුය. 

දශා දෝෂ, ඒරෂ්ටක අපල දෝෂ හෝ සහිත ජන්මපත්‍රයක් පරික්ෂ කරන ජ්‍යෝතිර්වේදියා එම අපල අවම කරගැනීමට පිළියම් හෝ විවිධ පිළිවෙත් නිර්දේශ කරනු ඇත. බෝධි පූජා සිදු කිරීම, සෙත්කවි ගයන කිරීම, දෙවියන්ට පඬුරු ගැටගසා  භාරවීම, යාචකයන්ට පිහිට වීම, ගිතෙල් මිශ්‍ර කිරිබත් සාදා කපුටන්ට අහර පිණිස ලබාදීම, නිර්දේශිත වෘක්ෂයකට සාත්තු සප්පායම් කිරීම වැනි පිළිවෙත් ඒ අතර තිබිය හැකිය. එම පිළිවෙත් නිසි පරිදී සිදුකිරීම ඔබගේ වගකීමයි. ජ්‍යෝතිර්වේදියෙකු ලබා දුන් නිර්දේශ ක්‍රියාවට නැංවීම දිනෙන් දින කල් දැමීම සිදුසු නැත. වියදන් යනවයැයි සිතමින් එම නිර්දේශ කල්දැමීමෙන් සිදු වනුයේ ජන්මපත්‍ර පරික්ෂවට වැය කල මුදල්ද අපතේ යැවීමකි. එනිසා ජ්‍යෝතිෂ නිර්දේශ ක්‍රියාවට නැංවීමට අප සියලු දෙන අදිටන්  කරගමු.