අනාදිමත් කාලයක සිට ශ්‍රී ලංකීය ජන සමාජයේ සෙත්කවි හා වස්කවි උපයෝගී කර ගනිමින් විවිද දේවල් ඉල්ලා සිටින ආකාරය දැකගත හැකිය. සාමාන්‍ය ජනතාව අතරේදී විසඳ ගත නොහැකි කාරණා දෙවියන් වෙත ඉදිරිපත් කරමින් විසදුම් අපේක්ෂා කිරීමක් එහිදී දකිය හැකිය. 

මිනිසුන් අනුමෝදන් කරන කුසල් භාරගන්නට හැකියාව ඇති දෙවිවරු  නිතිපත මිනිසුන්ට පිහිට වීම සිදු කරති. දෙවින කෙරෙහි සැබෑ භක්තියෙන් යුක්ත වුවද, නිතිපතාම දෙවියන්ට පින් අනුමෝදන් කරන්නාවුද  සිල්වත් ගුණගරුක මිනිසුන් කෙරෙහි දෙවියන්ගේ අවධානය නිතර යොමු වේ. කුමන ආගමක් අදහන කෙනෙකු වුවද පිහිටවන්නට දෙවිවරු පසුබට නොවේ. 

දෙවි පිහිට විවිද ආකාරයෙන් ඉල්ලා සිටිය හැකි වුවද, දෙවියන්ගේ ඍජු හා ක්ෂණික අවධනය නොවරදින ලෙස ලබා ගත හැක්කේ දිව්‍ය අක්ෂර සහිතව නිසි ලෙස ගන  පිහිටුවා බලගන්නවන ලද සෙත්කවියක් මිහිරි ලෙස ගායන කිරිමෙන්ය. අසාධාරණයකදී දේව දඬුවමක් ඉල්ලා සිටීමේදීද අපය අක්ෂර නිසි ලෙස සංයෝග කොට නපුරු ගණ සහිතව බලාගන්නවා ලද වස්කවියක් ගයන කිරීම සිදු කරේ. මේ ආකාරයට සෙත් දෙන සෙත්කවි හා වස්දෙන වස්කවි ප්‍රබන්ධ කරේ. 

සෙතකවියක බලමහිමය තීරණය වනුයේ එම කවිය සඳහා සුබ ගැන ඇසුරු කර ගැනීම මත හා දිව්‍ය අක්ෂර සුදුසු ලෙස සංයෝග කිරීම මතය. වස්කවියක බලමහිමය තීරණය වනුයේ අසුබ ගණ ඇසුරු කිරීම මත හා අපය අක්ෂර සුදුසු ලෙස සංයෝග කිරීම මතය. 

ගණයක් නිර්මාණය කිරීම සඳහා සුදුසු මාත්‍රා සංයෝග කිරීමක් අවශ්‍යය වේ. එක වරක් ඇසිපිය හෙලන කාලයක් තුල ශබ්ද කරෙන අ,ඉ,උ,එ ,ඔ වැනි අක්ෂර තුනක් එකතු වූ ස්ථානයක දෙවගණ වචනයක් නිර්මාණය වේ. දේවගණ වචන සෙත්කවි සඳහා යොදාගන්නේ නිරෝගී සුවය, දිර්ගායුෂ හා දියුණුව අපේක්ෂාවෙනි. සෙත්කවියක අවශ්‍ය ස්ථානවල දේවගණ වචන යොදා ගැනේ. දේවගණ වචනයකට උදාහරණයක් ලෙස "සසර" යන වචනය නම් කල හැකිය. 

දෙවරක් ඇසිපිය හෙලන කාලයක් උච්චාරණය සඳහා ගතවන ආ,ඊ,ඌ,ඊ,ඒ,ඌ,ඕ වැනි ගුරු අක්ෂර ක්ෂණිකව ශබ්ද  කල නොහැකිය.එම අකුරුවල මාත්‍රා දෙකකි. එබඳු ගුරු අක්ෂර තුනක් එකතු කිරීමෙන් භුමි ගණ වචනයක් නිර්මාණය කරගත හැකිය. සියලු යස ඉසුරු හා සැප සමත් ලබාගැනීම සඳහා අවස්ථාවක් උදාකරගැනීමට භුමි ගණ වචන නිසි පරිදි සංයෝග කොට ලියන ලද සෙත්කවියයක් ගයන කිරීමෙන් හැකි වේ. භූමි ගණ වචනයකට උදාහරණයක් ලෙස "තාරාව" යන වචනය හැදින්විය හැකිය. 

ගුරු අක්ෂරයකට පසු ලඝු අක්ෂර දෙකක් යෙදෙන වචන චන්ද්‍ර ගණයට අයත් වචන වේ. උදාහරණයක් නම් "සාදය" යන වචනයයි. ලඝු අක්ෂරයකට පසු ගුරු අක්ෂර දෙකක් යෙදෙන වචන ජල ගණයට අයත් වේ. උදාහරණයක් නම් "සිතාරා" යන වචනයයි. 

මිට අමතරව වස්කවි සඳහා යොදාගන්නා සුවිශේෂී  ගණ ද පවතී. ඒ අතුරින් එකක් නම් ගිනි ගණයයි. එහිදී මුලින්ම ගුරු අක්ෂරයක්ද,දෙවනුව ලඝු අක්ෂරයක්ද තුන් වෙනුව නැවතත් ගුරු අක්ෂරයක්ද යොදා ගනී. මේ සඳහා උදාහරණයක් නම් "ටානියා " යන වචනයයි. මෙම ගිනි ගනය මෙන්ම ආකාශ ගණයද අසුබයි. එවැනි අසුබ ආකාශ ගණ වචනයක් ලෙස "වායාම" යන වචනය දක්විය හැකිය. එහිදී මුලින් ගුරු අක්ෂර දෙකක්ද ඉන්පසු ලඝු අක්ෂරයක්ද යෙදේ.  මුලින් ලඝු අක්ෂර දෙකක්ද ඉන්පසු ගුරු අක්ෂරයක්ද සහිත වචන වායු ගණයට අයත් වේ. එයද අසුබ ගණයකි. උදාහරණ ලෙස "දිමිය" යන වචනය දැක්විය හැකිය. මුලින් ලඝු අක්ෂරයක්ද දෙවනුව ගුරු අක්ෂරයක්ද, තුවෙනුව යලිත් ලඝු අක්ෂරයක්ද සහිත වචන අසුබ ගණයක් වන සුර්ය ගණයට අයත් වේ. උදාහරණය ලෙස "අපාය" යන වචනය දැක්විය හැකිය. 

දෙව ගණ, භුමි ගණ, චන්ද්‍ර ගණ, ජල ගණ, සහිත වචන යොදාගනු ලබන්නේ සෙත්කවි සඳහා වන අතර ගිණි ගැන, අකාෂ ගණ, වායු ගැන, සුර්ය ගන සහිත වචන යොදාගනු ලබන්නේ වස්කවි සඳහාය. සිංහල භාෂාවෙන් පමණක් ලියවෙන සෙත්කවි හා වස්කවි වල ගණ පිහිටුවීම මගින් සිදුකල හැකි ප්‍රාතිහාරයන් බොහෝය. ඒ පිලිබඳ උදාහරණ ඉතිහාසයේ ඇත.