තම සේවාදායකය ප්‍රකාශ කල කරණයට අදාළව ඊට ගැලපෙන සුබ නැකත් පිළිබඳ අවදානය යොමු කරන නැකත්කරු එම නැකත සිය සේවදයකගේ ජන්ම නැකත හා කොතෙක් දුරට ගැලපේදැයි පරික්ෂ කර බලයි. ජන්ම, සම්පත්, විපත්, ක්ෂේම, සාධක, ප්‍රත්‍යාරි, වද, මෛත්‍රී, පරම මෛත්‍රී යන කොටස් වලින් කිනම් කොටසකට තම සේවාදායකයාගේ උපන් නැකත අයත් වේ දැයි පරික්ෂ කරන නැකත් කරු එය සම්පත්, ක්ෂේම, සාධක, මෛත්‍රි යන කොටස්වලින් එකකට අයත් නම් එය ගත හැකි නැකතක් ලෙස සිතේ තබා ගනී.
ගැලෙපෙන නැකත සමගම සුභ තිථියක්ද පැවතිය යුතුය. පෑලවිය, දියවක, තියවක, ආදී වශයෙන් වූ තිථි පහළොව අතුරින් ජලවක, සැටවක, අටවක, ආදී වූ තිථි සුභ වැඩ සඳහා යොදා නොගනී. මේ පිලිබඳ නැකත්කරු දැඩි අවදානය යොමු කොට අදාල කරණයට සුදුසු යයි නිර්දේශිත සුභ තිථියක්ද යොදා ගනී. නැකත්කරු සිතේ තබාගත් නැකත පවතින දිනයේම සුභ තිථියද තිබිය යුතුය.
නැකත තිථිය ගැලපි ගියා සේම , සුබ දිනයක්ද ඒ සමගා ලබා ගත යුතුය . සතියේ දින හතෙන් සුභ නැකත් සඳහා යොදා ගනු ලබනුයේ සඳුදා, බදදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා යන දිනයන්ගෙන් එකකි. එම නිසා තෝරාගත් නැකත හා තිථිය ඉහත දැක්වූ දින හතරෙන් එකකදී උදවිය යුතුය. එසේ සිදු නොවුනහොත් යලි මුල සිට ක්‍රියාත්මක වන්නට නැකත්කරුට සිදු වේ.
සුභ නැකත් දින තෝරාගැනීමේදී සඳේ පුර පක්ෂය හා සඳේ අව පක්ෂය පිලිබඳ සැලකිලිමත් වේ. සුබ නැකත් සඳහා යොදාගනු ලබනුයේ සඳේ පුර පක්ෂයේ දිනයන්ය. පුර පසළොස්වක පුරපසළොස්වක පෝය දිනයේ සිට දින කීපයක් සඳ බලවත් බැවින් එකී දිනයන්ද සුභ නැකත් සඳහා යොදා ගැනීමේ වරදක් නැත. ඉන්පසුව අමාවක තෙන් යෙදෙන දිනයන් සුභ නැකත් සඳහා යොදා නොගනී.
කිසියම් කාර්යක් සඳහා සුභ නැකතක් තිර ගත පසු එම දිනයේ සුභ හෝරාවක් තෝරාගැනීම ඊළඟ පියවර වේ. සේවදයකය ප්‍රකාශ කරන කරණයට අදාලව සුබ හෝරාව පවතී. ඒ අනුව සුදුසු හෝරාවක් ද, එම හෝරාව තුල තිබෙන සුදුසු පංචම කාල හොරවක්ද, එම පංචම කාල හොරව තුල තිබෙන සුදුසු සුක්ෂම කල හොරවක්ද නැකත්කරු විසින් සොයාගනු ලැබයි. ඒ අනුව විශාල කාර්යභාරයක් නිම කිරීමෙන් පසු නැකත්කරු විසින් සුභ මුහුර්තයක් ලබා දෙන බව අප තේරුම් ගත යුතුය.
ඉහත කී ප්‍රධන පියවරයන්ට සමගාමිව සුභ නැකත් ලබා දෙන නැකත් කරුවෙකු විසින් තැත්කළ කේන්ද්‍රයක් සදනු ලබයි. එහිදී චන්ද්‍රයා පාපයන්ට මැදී නොවී සිටීම අපේක්ෂා කරන අතර දිව කලයෙදී රවී එකොලොස්වැන්නේත්, රාත්‍රී කාලයේදී නම් සඳු එකොලොස්වැන්නෙත් සිටින සේ සුබ නැකත් වෙලාව සාද ගත හැකි වුයේ නම්, කෝටියක් දෝෂ භංගවී යන බව ජෝතිෂ්‍ය පිලිගැනීමයි.
මේ හැරුණු විට පංචංගය සුභ වීමද, කූණමාස, සංක්‍රාන්ති, ග්‍රහණ, ධුමකේතු, අඩිය හසු නොවිමද,විෂ පංචම, අසුභ හෝර අත්හැර දමිම, රාහු කාලය මග හරවා සුභ නැකත් වෙලාව ගැනීම පක්ෂියාගේ නිදී හෝ මර අවස්ථා අත්හැර දැමීම සුභ නැකත් සැදීමේදී සැලකිල්ලට ගන්න කාරන වේ. මාරු සිටින දිෂාවට පිටුපා අදාල කාර්ය අරමභ කිරීමද , සඳු සිටින දිශාවට මුහුණලා කටයුතු කිරීමද සුදුසු බව ජෝතිෂ්‍යයේ දැක්වේ.
ඉහත දැක්වූ කරනු අනුව ඔබට පැහැදිලි විය යුතු කාරණයක් ඇත. සුභ මුර්තයක් නිවැරදිවම සොයා ගැනීම නක කැස්බවෙකු විය සිදුරෙන් අහස දැකීමක් බඳු දෙයක් බවයි.
0 Comments