ක්ෂණික  නුඩ්ල්ස්, ක්ෂණික ඉඳිඅප්පා, ක්ෂණික තේ, ක්ෂණික චායාරුප, ක්ෂණික ණය අදී වූ ක්ෂණික දේවල් බහුලව තිබෙන රටක ක්ෂණික සෙත්කවි තිබෙනවායයි කිවත් පුදුම නැත. 

කිව නොහැකි  තරම් හදිසියකින් පෙලෙන ශ්‍රී ලංකික  ජන සමාජය කොතැනින් නතරවේදැයි සිතගැනීමට පවා අපහසුය. විභාග ප්‍රතිඵල, චන්ද ප්‍රතිඵල, නිවාස ණය අදිය පිලිබඳ තිබෙනුයේද පුදුම හදිසියකි. එබඳු යුගයක ක්ෂණික සෙත්කවිද ඉල්ලා සිටිනාවයයි අසන්නට ලැබුණහොත් එයද පුදුමයට කාරණයක් නොවේ. 

ජන්මපත්‍ර පරික්ෂාවකින්  සිදු කර ගත් , ඇතැම් යට ග්‍රහ අපල හෝ එරෂ්ටක අපල හෝ ඇති බව හෙළිවූ විට ඒ සඳහා කරන විවිද පිළිවෙත් අතර එකක් ලෙස සෙත්කවි ගායනයක් සිදු කර ගන්න ලෙස නිර්දශ වී තිබිය හැකිය. එසේ නිර්දේශ ලද අයෙකු සෙත්කවියක් හෝ දෙකක් රචනා කර ගැනීමට යාමේදී අනිවාර්යයෙන්ම රැගෙන යා යුත්තේ සෙත්කවි අවශ්‍ය පුද්ගලයාගේ නිවැරැදී හා පැහැදිලි ජන්මපත්‍ර පිටපතක් හා අවශ්‍යතාවය පිලිබඳ විස්තරයක් බව බොහෝ දෙනා දන්නා කාරණයකි. 

සෙත්කවියක් එවෙලේම රචනා කර දෙන ලෙස ඇතැම් අය ඉල්ලා සිටියත් සැබෑ සෙත්කවි රචකයෙකුට එය කල හැක්කක් නොවේ. එහෙත් ඇතැම් පුද්ගලයන් ක්ෂණික සෙත්කවි රචනා කඅ දෙන ආකාරයද දැකිය හැකිය. එවැනි රචනා සාමාන්‍ය කවි මිස ගුණ දෙන සෙත්කවි නොවේ. නිසි වතාවත් හා සුබ නැකත් බැලීමක් සිදු නොකර සෙත්කවි රචනා කරන ක්‍රමවේදයක් පිළිබඳ පුරණ  ආචාර්යවරු කිසිම තැනක දක්වා නැත. 

සෙත්කවියක් රචනා කරගනිමට යාමේදී බුලත් අතක්, සුදුසු ගුරු පඬුරක් සමග නිවැරදි ජන්මපත්‍ර රැගෙන යාම කළ යුත්තකි.සෙත්කවි අවශ්‍ය පුද්ගලයන්ගේ ජන්ම පත්‍රය හොඳින් පරික්ෂා කර සෙත්කවි රචකයා මුලින්ම සොයාගනු ලබනුයේ සම්පත්, ක්ෂේම, සාධක, මෛත්‍රී, පරම මෛත්‍රී  යන නැකත් වර්ගීකරණයට අනුව තම සේවාදායකයාගේ උපන් නැකතට සිහෙන නැකතක් තිබෙන්නේ කවදාද යන්නයි. ඒ අනුව සෙත්කවිය ලිවීම අරම්භ කනර සුබ නැකත් වෙලාව සදා ගනී. 

ඉන් අනතුරුව පරීක්ෂා කරනුයේ එදිනට යෙදෙන තිථිය සෙත්කවි රචකයට සුදුසුදැයි කියා ය. සුදුසුනම් ඉන්පසු සොය බලනුයේ දින ශුද්ධිය පවතීද යන්නයි. ඒ අනුව තෝරාගනු ලබන දිනය සඳුදා, බදාදා බ්‍රහස්පතින්දා, සිකුරාදා යන දිනයන්ගෙන් එකක් විය යුතුය. ක්ෂණිකව සිදු කරන සෙත්කවි රචනයකදී මේ කිසිවක් සැළකිල්ලට ගත නොහැකිය. 

සැබෑ සෙත්කවි රචකයෙකු තම සේවාදායකයාගේ පක්ෂියා රජවන කාල සිමවද සොයා බැලීමට උනන්දු වනුයේ එම වෙලාවද අදාල කරගත හැකිනම් බෙහෙවින්ම උසස් ප්‍රතිඵලයක් සෙත්කවිය අවශ්‍ය පුද්ගලයට ලබාදිය හැකි බැවිනි. සුර්ය සංක්‍රාන්ති දිනයන්ද, චන්ද්‍රග්‍රහණ හූ සුර්යග්‍රහණ හෝ යෙදි තෙබන දිනයන්ද සෙත්කවි රචනා කිරීමට යොදා නොගනී. මේෂ, සිංහ,වෘශ්චික, මකර, කුඹ යන රාශි උදාවී තිබෙන කලවේලවන්හිදී සෙත්කවි රචනය සිදු නොකරයි.ක්ෂණික සෙත්කවි රචකයන් මේ කිසිවක් සැළකිල්ලට නොගනී . 

සෙත්කවි රචකයා තම සේවාදායකයාගේ ජන්මපත්‍රය පරික්ෂා කොට බල ග්‍රහචාරය අනුව  අපල තිබේනම් ඒ කුමන අපලයක්දැයි හඳුනා ගන්න අතර ඒ අනුව සෙත්කවිය ලිවිය යුත්තේ කුමන දෙවියන් උදෙසදැයි තීරණය කරේ. සෙත්කවියක් ලිවීමට සුදානම් වන සෙත්කවි රචකයා කරනු ලබන වතාවත් අතර එදිනට පවතින තිථියට අදිපති දෙවියන් නමස්කාර කිරීමද එකකි. ඒ හැරුණු විට සරස්වතී දේව මෑණියන්ට පුද පූජා පැවැත්වීමද සිදු කරේ. එපමණක් නොව සැබෑ සෙත්කවි රචකයා දිනපතා පන්සිල් රැකීමද සිදු කරයි. 

සෙත්කවියකින් ප්‍රතිඵල ලබා දිය හැක්කේ ඉතත කී කරන සම්පුර්ණ කර ගනිමින් කරන සෙත්කවි රචනයකදීය. එකී කරන සැලකිල්ලට නොගෙන හිතුමතයට ක්ෂණිකව ලියාදෙන සෙත්කවි ගුණාත්මක භාවයෙන් යුක්ත සෙත්කවි ලෙස භාරගත යුතු නැත. එබඳු සෙත්කවි ගයන කිරීම සඳහා කාලය, ධනය, ශ්‍රමය වැය කිරීම නිෂ්ප්‍රයෝජන බවද කිව යුතුය.