විවාහ මංගල්‍යයකට නැකත් සැදීම ඉතා වගකිව යුතු හා බැරෑරුම් කාර්යයකි. විවහප්‍රාප්ත වන දෙදෙනාගේ උපන් නැකත්වලට ගැලපෙන නැකතක් සහිත සුභ දිනයක් සොයාගැනීමත්, එදිනට සුභ මුහුර්ත සකස් කොට දීමත් නැකත්කරුගේ කාර්යය වේ.   

නැකත්කරු හමුවීමට පැමිණි පසු අවශ්‍ය කරණය පවසා ජන්මපත්‍ර දෙක භාරදී, නැකත් රැගෙන යමට පසුව බව පවසන පිටව යාම සාමාන්‍ය සිරිත වේ.ඒ අනුව සෑම විවාහ මංගල්ලයක්ම ඉතා සුබ දිනවල සුබ  නැකත් සමග සිදු වේ.

වරතමනයේදී මේ සරල ස්වභාවය වෙනස්වී ගොස් සංකීර්ණ ස්වභාවයකට පත්ව ඇත. නුතන විවාහ මංගල උත්සවයකට නැකත් සදා දීමට බාරගන්නා නැකත්කරු ජෝතිෂ්‍ය පමණක් දැනසිටීම ප්‍රමාණවත් නැත. විවාහ මංගල්‍යක නුතන පිළිවෙල හොදින්ම දැන සිටිය යුතුය. ඒ අනුව මනාලයාගේ මනාලියගේ සහ ඔවුන්ගේ වැඩිහිටියන්ගේ අදහස්ද හොදින් අසා දැනගෙන ඒ අනුව ඔවුන්ගේ මුලික සැලසුම් අවුල් නොවන පරිදි නැකත් සාදාදීම නුතන නැකත්කරුවන්ගේ වගකීම වී ඇත. 

විවාහ මංගල උත්සවයකට නැකත් සැදීමේදී වර්තමානයේ ඉතාමත් සංකීර්ණ වී ඇත්තේ මංගල උත්සව හා සබැඳි සෙසු කටයුතු සංකීර්ණ ආකාරයට යොදා ගන්න බැවිනි. සැලෝන් එකේදී හෝ නිවසේදී හෝ මනාලියට ඇඳුම් අන්දවා සුභ මොහොතින් වෙල් එක හෝ හිස පළඳනාව හෝ තබා ඉන්පසු උත්සව ශාලාවට කැඳවාගෙන යාම මුල්කාලයේදී සිදු විය. එහෙත් අද උත්සව ශාලාවට යාමට පෙර චායාරුප  ගැනීම් වලට අදාල දර්ශනතලය වෙත කැඳවාගෙන යාම සිදු කරයි. චායාරුප ගැනීම් හා විඩියෝකරණය සඳහා අවම වශයෙන් පැය දෙකහමාරක පමණ කාලයක් ගතවේ. 

ඉන්පසු උත්සව ශාලාවට ගොස විවාහ ලියාපදිංචි කිරීම සිදු කරේ. මේ සියලු කටයුතු නිවැරදිවම ඉතා හොඳින් නැකත්කරු දැනසිටිය යුතුය. ඒ අනුව සියලු කටයුතු අවුලකින් තොරව සිදුකර ගැනීමට ගැලෙපන පරිදි නැකත් සාදාදීම සිදු කල යුතුව ඇත. ඇඳුම් අන්දන සැලෝන් එකේ පිහිටි ස්ථානය, එහි සිට චායාරුප ගන්න දර්ශනතලයට ඇති දුර සහ ඒ වෙත වාහනයකින් යාමට ගතවන කාලය, නැකත් කරු දැනසිටිය යුතුය. දර්ශන රුගත කිරීම අවසන් කොට  උත්සව ශාලාවට යාමට ගතවන කාලයද නැකත්කරු දැනසිටිය යුතුය. ඒ අනුව විවාහය ලියපදිංචි කිරීමට සුදුසු සුබ නැකත සකස් කල යුතු වේ. 

මනාල මහතාගේ සුදානම සඳහන් නොකළහොත් අඩුවකි. මුල් ඇඳුම හෙවත් උඩරට නිලමේ ඇඳුම මනාල මහතාට අන්දවනට සුදානම් කොට තිබේ නම් ඒ සඳහා විශාල කාලයක් ගතවේ. මල් කුමාරයන්ටද අන්දවන්නට යන කාලය සැලකිල්ලට ගෙන මනාල මහතා ඇඳුම් අඳින නැකතද, මනාල මහතා තම නිවසින් පිටවෙන නැකතද සකස් කර දීමට නැකත්කරු සුක්ෂම විය යුතුය. චායාරුප ශිල්පීන්ගේ උදෑසන හය හෝ හයයි තිහ පමණ  වෙනකොට රුගත කිරීම් අරම්භ කලයුතු බවයි. ඒ අනුව වෙලාව නොවරදවා  එයට සහභාගි වීමට හැකි වන පරිදි ඇඳුම් ඇන්දවීමට ගතවන කාලවේල මානව කළමනාකරණය කරගනිමින්  ඇඳුම් ඇන්දවීමට අදාල සුබ නැකත් වේලාවන් ලබාදීමට නැකත්කරුට සිදු වේ. 

සුබ පංචම හොරා කල දෙකක් හෙවත්, විනාඩි විසිහතරක් ඇතුලත පෝරුවේ චාරිත්‍ර නිමකිරීමට සැලැස්වීම ප්‍රමාණවත්ය. කකුල් රිදෙන තුරු පෝරු මස්තකව සිටීම අවශ්‍ය නොවේ. මංගලකෑම මේසය ඉඳුල් කිරීමේ නැකත සහ නව යුගල මදුසමය සඳහා පිටත්වන නැකත සැදීමෙදී නැකත්කරු ඉතා හොඳින් දැනසිටිය යුතු දෙයක් ඇත. එනම් මංගල උත්සවයට කීදෙනෙකු පමිනේනවද යන්නය. එමගින් නැකත්කරු සකස්කර ගත යුතු සැලසුමක් ඇත. එනම් එපමණ එපමණ පිරිසකට ආහර ගැනීමට ගතවන කාලයත්, තෑගිබෝග දීමට හා සමුගැනීමට ගතවන කලයත්ය. ඇතැම් ය පවසන පරිදි ෆන් එකක් ගැනීමට ගතවන කාලයත් නැකත්කරු ඉතා හොඳින් ඇස්තමේතුකොට ඒ අනුව මදුසමය සඳහා පිටත්වන නැකත සකස් කර දිය යුතුය. 

නව යුගල දිනක් හෝ දෙකක් හෝටලය ගතකොට දෙවෙනි ගමන සඳහා පිටත්වන නැකත මෙන්ම මනාල මහතාගේ නිවසට හෙවත් පතිකුලයට හෝ උත්සව ශාලාවකට පිවිසෙන නැකත ලබාදීමත් එම ස්ථාන දෙක අතර ඇති දුර හා පෞද්ගලික වහනය එකී දුර ගමන් කිරීමට ගතවන කාලය නැකත්කරු ඉතා හොඳින් දැන ඒ අනුව අදාල නැකත් ලබා දිය යුතුය. 

මේ ආකාරයට බලනවිට නුතන විවාහ මංගල උත්සවයක සුබ නැකත් සාදාදීම අතිශය සංකීර්ණ බැරෑරුම් හා වගකීම් සහගත කාරයක් බව අවධාරනය කරමි.