කන්දරය, කන්ද්‍රය, වේලාපත්කඩය යන නම්වලින් හඳුන්වන ලබන තමාගේ ජන්මපත්‍රය සත්‍ය වශයෙන්ම නිවැරදිද දන්නා අය සිටින්නේ අතලොස්සකි. යම්කිසි අයෙකු සදා දුන් කේන්ද්‍රය මත පිහිටා තම ජිවිතයේ ඉතාමත් වැදගත් කරන රැසක් ඉටුකර ගන්න බොහෝදෙනාට එහි නිරවද්‍යතාවය පිලිබඳ අවබෝදයක් නැත. වැරදි ජන්මපත්‍රයක් මත පිහිටා ජීවිතය ඖල් කරගත් අයද සටී. 

නව ග්‍රහයන් දක්වන අකුරු ටික පවා නිවැරදිව ලියන්න බැරි  අයෙකු සාදා දී ඇති කේන්දරයක නිරවාද්‍ය පිළිබඳ කෙසේ විශ්වාසයක් තැබිය හැකිද? ඇතැම් කේන්දර වල දශා ශේෂය සඳහන් කර නැති ආකාරය දකින විට එකී කේන්ද්‍රය සෑදු පුද්ගලයා සිංහල භාෂාවේ සරල වචන, සුමට යෙදුම් කිසිවක් නොදන්නා අයෙකු බව පෙනී යයි. 

පංචාංග ග්‍රහස්ථූට ලිත්වල හිරු උදාව දැක්වෙන්නේ කොළඹ නගරයට හිරු උදාවන වෙලාවය. කොළඹින් නැගෙනහිර දෙසට යත්ම හිරු උදාවන වෙලාව වෙනස් වී. පගේ ඔරලෝසුවල දැක්වෙන්නේද කොළඹට හිරු උදාවූ වෙලාව පදනම් කරගත් වෙලවන්ය. 

කොළඹ නගරයෙන් නැගෙනහිර දෙසට වන්නට පිහිටි නගරයක මහරෝහලක ඉපදුනු දරුවෙකුගේ උපන් වෙලාව වෛද්‍යවරයා සටහන් කරනුයේ තම අත් ඔරලෝසුවේ දැක්වෙන කොළඹ වෙලාවට අනුකුඋලවය. එහෙත් සත්‍ය වශයෙන්ම එම ප්‍රදේශයට එම අවස්ථාවේ පැවතියේ වෛද්‍යවරයා සටහන් කල වේලාවට වැඩ වෙනස් වේලාවකි. එම වෙනස ශ්‍රී ලංකාව තුල විනාඩි එකක සිට අටක් තෙන් පරාසයක පැවතිය හැකිය. 

ජන්මපත්‍රය සදන්නට භාරගන්න පුද්ගලයා මේ වෙනස පිලිබඳ ඉතා හොඳ අවබෝධයකින් යුක්ත අයෙකු විය යුතු අතර දරුවාගේ උපන් නගරයට කොළඹ සිට කොපමණ විනාඩි හා තත්පර ගණනක වෙසක් පවතීදැයි සොයාගත හැකි අයෙකු විය යුතුය. එම වෙනස නොදන්නා හෝ තැකීමක් නොකරන අයෙකු කේන්දරයක් සාදන්නේ නම් ඔහු කරන්නේ පංචාංග ග්‍රහස්ථුට ලිතෙහි දැක්වෙන කොළඹට හිරු උදවු වෙලාව පදනම් කරගෙන කේන්ද්‍රය සැදීමයි. එසේ ජන්මපත්‍රයක් සැදීම වැරදි බව ඔබට දැන් පැහැදිලි වෙනවා ඇති සිතමි.  

කේන්දර සැදීමේදී ෂඩ් වර්ග ආශ්‍රිතව ස්ත්‍රී පුරුෂ භාවය නිර්ණය කරන ක්‍රමවේදයක් පවතී. ෂඩ් වර්ගයට අනුව බලන විට ඉපදී ඇති දරුවා ගැහැණු දරුවෙකු බව පෙනී යන අවස්ථාවක සත්‍ය වශයෙන්ම උපත ලබා ඇත්තේ පිරිමි දරුවෙකු නම් ගැටුළුවක් මතුවේ. මෙහිදී ඇතැම් ජෝතිෂ්‍යවෙදීන් යයි කියා ගන්න පුද්ගලයන් ගනු ලබන ක්‍රියා මාර්ගය වනුයේ දරුවා උපන් වෙලාව වැරදියට සදහන් කර ඇතැයි පවසමින් වෙනත් වෙලාවක් උපන් වෙලාව ලෙස ගෙන ෂඩ් වර්ග ආශ්‍රිතව පිරිමි දරු උපතක් තහවුරු කිරීමයි. මෙය ඉතා වැරදි ප්‍රවේශයකි. වැරදි ආදර්ශයකි. වැරදි ග්‍රහ පිහිටීම් ලකුණු කිරීමට මග පෑදීමකි. කෙටියෙන්ම කිවහොත් ජීවිතය වරද්දන වැඩකි. මේ වැඩේ කරන අය අපේ රටේ බොහෝ සිටින බව අප දැනගත යුතුය. 

දශා ශේෂය ගණනය කිරිමේදී දවසක වෙනසක් සහිතව කෙරෙන සලකුණු කිරීම කියා හැකිය. එය ගණනය කිරීමේදී පැය ගණන තෙන් ගණන් බලා තිස්පැය ඉක්මවන විට එකී පැය ගණන අත්හැර නොදමා ගණනය කිරීමට ගත යුතුය. එසේ නොකළ හොත් අතුරු දශා ගණනය කරන සෑම අවස්ථාවකදීම දවසක වෙනසක් ඇතිවීම කිසිසේත්ම වැළකිය නොහැකිය. 

ග්‍රහ පිහිටීම් හා පොරොන්දම් පරීක්ෂාවකදී වැරදි කේන්දරයක් පදනම් කරගෙන කරනු ලබන විශ්ලේෂණයක් ඔබේ ජිවිතයට කෙබඳු අහිතකර බැලපෑමක් ඇති කල හැකි දැයි ඔබට තේරුම් ගත හැකි විය යුතුය. ඔබ හදන්නට යන නිවසට මුල්ගල තබන්නට, අත්තිවාරම් බදින්නට යොදාගත්තේ වැරදි ජන්මපත්‍රයක තොරතුරුනම් ඉන් ඇතිවිය හැකි හානිය ඔබට තේරුම් ගත හැකි විය යුතුය. 

ඔබ ජෝතිෂ්‍ය විශ්වාස කරන අයෙකු නම්, එහි ඇති විශ්වීය ශක්තිය පිළිගන්න අයෙකු නම්, ඔබ පළමු කොට කල යුත්තේ ඔබේ ජන්මපත්‍රයෙහි නිරවද්‍යතාවය තහවුරු කර ගැනීමයි. සුදුසුකම් ලත් ජෝතිශ්‍යවේදීන් ඕනෑ තරම් සිටින බැවින් ඔබට ඔබේ කේන්දරයේ නිරවද්‍යතාවය ඔවුන්ගෙන් කෙනෙකු ලව පරික්ෂා කරගැනීමට අවස්ථාව ඇත.